
ඔබේ දරුවා දුරකතනයක් පාවිච්චි කිරීම සුදුසු ද?
Internet Matters වෙබ් අඩවිය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව, බොහෝ දෙමව්පියන් සිතන්නේ වයස අවුරුදු 10 ට අඩු දරුවන්ට ජංගම දුරකථනයක් තිබිය යුතු නැති බවයි. නමුත් මේ වන විට, (ළදරුවන් නොවන) දරුවන්ට දුරකථනයක් තිබිය යුතු ආකාරය පිළිබඳ නීතිමය සීමාවක් හෝ නිල මඟ පෙන්වීමක් නොමැත. එබැවින් තම දරුවා සූදානම්ද යන්න තීරණය කළ යුත්තේ දෙමාපියන් විසිනි.
අවුරුදු 5-6 වියැති ඔබේ දරුවා තනිවම හෝ වෙනත් දරුවන් සමඟ කාලය ගත කරනවා නම්, ඔබෙන් ඉවත්ව, වෙනත් වැඩිහිටියෙකුගේ අධීක්ෂණයකින් තොරව සිටිනවා නම්, ඔවුන්ගේම දුරකථනයක් තිබීම අවශ්‍ය නොවේ. එනමුත් විනෝද චාරිකාවක්, සැණකෙලියක් වැනි අවස්ථාවකදී අතරමංවීම් වළක්වා ගැනීමට දුරකතනයක් ළඟ තිබීම දරුවාගේ ආරක්ෂාව සහතික කරනු ඇත. දුරකථන දරුවන්ට වැදගත් සමාජ මෙවලමකි.

(timeincuk.net)
ඔබේ දරුවාට තමන්ගේම දුරකථනයක් තිබිය යුත්තේ ඇයි ද යන්න පහත දෑ මත තීරණය කළ යුතුය.
- ඔවුන්ගේ පුද්ගලික ආරක්ෂාව සඳහා එකක් අවශ්‍ය ද යන බව
- ඔවුන්ගේ මිතුරන් ඔවුන් හා සිටී ද යන්න
- ඔවුන්ගේ දුරකථනය නිසි ලෙස භාවිතා කිරීමට තරම් ඔවුන් වගකිව යුතු ද යන්න
- ආරක්ෂිත අවදානම් ඔවුන් තේරුම් ගෙන ඔබගේ නීති රීති අනුගමනය කිරීමට කැමති ද යන බව.
බොහෝ දෙමව්පියන්ට, තම දරුවාට දුරකථනයක් තබා ගැනීමට ඉඩ දීම පිළිබඳ ලොකුම ගැටළුව නම්, ඔවුන්ට අන්තර්ජාලයට පිවිසී අවදානමට ලක්විය හැකි බවයි. Parental Control සැකසුම් යොදන ලද දුරකථනයක් සහ ඔබගේ වයිෆයි ජාලය හරහා යාමට ඉඩ සැලසීම මඟින් ඔවුන්ට පිවිසිය හැකි වෙබ් අඩවි ප්‍රමාණය සීමා කරගත හැක. එසේම ඊට උපකාර කරගැනීමට ආරක්ෂිතව තබා ගැනීමට ඔබට භාවිතා කළ හැකි Apps ගණනාවක් තිබේ.

(influence-central.com)
දරුවන් සතුව දුරකතනයක් තිබීම මඟින් ඔවුන් සිටින ස්ථානය ඔබට විශේෂිත App එකකින් හෝ Find My Phone වැනි සේවාවක් හරහා දැකගත හැකිය. අහඹු අවස්ථාවන් හි දී දුරකතනය ගෙන පරීක්ෂා කිරීමෙන් ඔවුන්ගේ අයුතු කටයුතු පිළිබඳව පරීක්ෂා කළ හැක. මෙහි ලා පහත කරුණු ද සැලකිල්ලට ගත යුතු වේ.
- ඔවුන් අන්තර්ජාලයේ ගත කරන කාලය
- ඔවුන් අන්තර්ජාලයට පිවිසෙන අවස්ථා
- පිවිසෙන වෙබ් අඩවි සහ ඔවුන්ට සහභාගී විය හැකි ක්‍රියාකාරකම්
- ඡායාරූප සහ වීඩියෝ ගැනීම සහ යැවීම පිළිබඳ නීති
- අන්තර්ජාලය හරහා මිනිසුන්ට (මිතුරන්ට සහ නන්නාඳුන්නන අයට) සලකන ආකාරය.
බොහෝ දෙමව්පියන්, අවම වශයෙන් මුල් කාලයේදී, දරුවා ඔවුන්ගේ මුරපද සියල්ලම මව්පියන් වෙත දිය යුතු බව පවසන අතර එමඟින් ඔවුන්ට අන්තර්ජාලය හරහා කරන්නේ කුමක්ද යන්න පරීක්ෂා කර බලති. ඔවුන්ගේ දුරකථනය ඇඳට ගිය පසු භාවිතා කළ නොහැකි බවට නීති දමති. එහෙත් මෙය එතරම් ම සාර්ථක ක්‍රමයක් නොවේ.

(alluremedia.com.au)
දරුවන් යනු කුතුහලයෙන් පිරුණු පිරිසකි. විශේෂයෙන් ඔබට තාක්ෂණය පිළිබඳ දැනුව අවම නම් ඔවුන් කණෙන් රිංගා යාමේ අවදානම ඉහළ ය. ගැටළුව අන්තර්ජාලය හෝ ස්මාර්ට්ෆෝන් නොවේ.
නම්බර්පෑඩ් එකක් ඇති ෆෝන් එකක් දුන්නත්, දුරකතන සම්පූර්ණයෙන් ම තහනම් කර දැමූවත් මඟ නොපෙන්වන ලද දරුවා කෙසේ හෝ නොමඟටම යොමු වෙයි. කුඩා කල දුරකතනයක් ඇසින්වත් නොදුටු ඔබ/ඔබේ මිතුරන් එකල කළ කී දේ ඔබට සිහිපත් කර බැලිය හැකිය.

(rackcdn.com)
මෙහි මූලික කරුණු වශයෙන් දරුවන්ට පහත දෑ ඉගැන්විය හැක:
- පුද්ගලික තොරතුරු/ඡායාරූප අන්තර්ජාලය හරහා බෙදා නොගැනීම – පුද්ගලික පණිවිඩයක පවා
- සමාජ මාධ්‍ය ගිණුම්වල ඉහළ රහස්‍යතා මට්ටම් සැකසීම
- නොදන්නා පුද්ගලයෙකු මුණගැසීමට අවශ්‍ය බව කී විට කිසි විටෙකත් එකඟ නොවිය යුතු බව
- ඔවුන් අන්තර්ජාලයේදී අපහසුතාවයට පත්වන දෙයක් දුටුවහොත් ඒ බව දෙමව්පියන්ට දැනුම් දෙන ලෙස පැවසීම.
තමන්ගේ සීමාවන් පෙන්වා දුන් පසු දරුවන් එය ඉක්මනින් අවබෝධ කරගනු ඇත. තාක්ෂණය යනු අනාගතය යි. එය දරුවන්ගෙන් වසන් කළහොත් බිහි වන්නේ සමාජයට නොගැලපෙන පිරිසකි. අන්තර්ජාලය යනු අමුතු තැනක් නොව, එය ද සාමාන්‍ය මිනිසුන්ගෙන් පිරි සමාජය යි. ඉතින්, සමාජයේ හැසිරීමට අවශ්‍ය සියළුම කරුණු අන්තර්ජාලයටත් වලංගුයි. එසේම, ඔබ දවස පුරාම ෆෝන් එක දෙස බලාගෙන හිඳිමින් දරුවාට එසේ නොකරන්නැයි තරවටු කිරීමත් සාධාරණ නැහැ.
එක් ටැම් ගෙයක තබා දරුවන් උස් මහත් කරනවාට වඩා ලෝකයේ සීමා මායිම් පෙන්වා හරි මඟ පෙන්වා දීම දෙමව්පියන් වශයෙන් ඔබේ වගකීම වෙනවා, නේද?