
ලේසියෙන්ම දරුවන්ට කියවන්න උගන්වන හැටි සහ යොදාගත හැකි පොත්
දරුවන් සෙල්ලමට බොහොම ප්‍රිය එයින් ඔවුන්ට තෘප්තියක් ලැබෙන නිසායි. පොතක තෘප්තිය ඔබ හොඳින්ම දන්නවා. ඒක දරුවන්ටත් දුන්නොත් “අනේ ළමයි කියවන්න කැමති නැහැනේ, ටීවී එකේමයි” යන පොදු මැසිවිල්ල ඔබේ දරුවාට අදාල වන එකක් නැහැ.
දරුවාට ඇහෙන්න කියවන්න

mercyhome.org
ලස්සන චිත්‍ර සහ ලොකු අකුරු සහිත පොතක් යනු මේ වැඩේ ආරම්භ කරන්නට කදිම ක්රමයකි. අලුතෙන් පොතක් ගෙන ආ විට දරුවාට පොතේ චිත්‍ර බලන්නට ඉඩ හරින්න. එය දරුවාගේ කුතුහලය වඩවනු ඇති. පසුව ඔබට නිදහස් ලැබුණු විගස දරුවාට අකුරු පෙන්වමින් පොත සෙමින් කියවමින් කතාව පහදා දෙන්න.
මේ සඳහා යොදාගත හැකි සිබිල් වෙත්තසිංහයන්ගේ ලස්සන චිත්‍ර සහිත, ලොකු අකුරු ඇති පොත් පෙළක් Sinhala Big Letter Story Books for Grade 1 Students පිටුවෙන් ඔබට සොයාගත හැකියි. අවම මිලකට නිවසටම ලැබෙන මේ පොත් වලින් දරුවාට පහසුවෙන්ම කියවීම හුරු කරන්නට පුළුවනි.
ප්‍රශ්න අහන්න
කතාවක්, සිද්ධියක්, සහ පොත අවසානයේදී එහි ඇති දේවල් පිළිබඳව දරුවාගෙන් ප්‍රශ්න අහන්න. ඒ ගැන දරුවාට දැනුනු හැඟීම් විස්තර කරන්නට ඉඩ හරින්න. ඔවුන් එවන් අවස්ථාවකට පත් වුවහොත් ඊට මුහුණ දෙන්නේ කෙසේද, උදව් අවශ්‍ය කෙනෙක්ට උදව් කරන්නේ කෙසේද, ගැටළුවක් විසඳීමට පොතේ තිබුණු ක්‍රමය හැර ඔවුන් යෝජනා කරන මොනවාද යන්න විමසන්න.
දරුවාගේ පරිකල්පන මට්ටම අනුව මේ සඳහා ලැබෙන ප්‍රතිචාර වෙනස් විය හැකිය. එනිසා එයට හුරු වනතුරු ඔබම ඒවාට පිළිතුරු දෙමින් එයට ඔවුන් එකඟ වන්නේදැයි බලන්න. ක්‍රමයෙන් දරුවාගෙන්ම නව පිළිතුරු ලැබෙන පරිදි ප්‍රශ්න යොමු කරන්න.
විවිධ පොත් වර්ග හඳුන්වාදෙන්න
අවුරුදු 4-5 යනු සැබෑ ලෝකය සහ ෆැන්ටසියක් අතර වෙනස දරුවා ඉගෙන ගන්නට සූදානම් වන කාලයයි. සතුන් කතා කිරීම, මායාකාරියන් යනු ප්‍රබන්ධ ලෝකය බවත්, සත්‍ය ලෝකයේ තිබෙන විද්‍යාත්මක පසුබිම කුමක්ද යන්නත් දරුවාට ක්‍රමයෙන් වැටහෙන්නට පටන් ගනියි. මෙම වටහාගැනීම පහසු කරවන්නට විවිධ පොත් කියවීමට ඉඩ සැලසිය යුතුවේ.
හඳ මාමාගෙන් කිරි පැණි ඉල්ලන බව කියන්නාක් සේම, හඳ යනු ආවාට නිසා හාවෙකුගේ පෙනුම ලත් හුදෙක් මළ ආකාශ වස්තුවක් බවත් කියා දීමෙන් මේ වෙනස දැක්විය හැකියි.
උපමා භාවිතය, සත්‍ය ලෝකයේ කථා සතුන්ට ආරෝපණය කර රචනා කිරීම වැනි දෑ දරුවන්ට අත්විඳින්නට අවස්ථාව දිය යුතුයි. සිබිල් වෙත්තසිංහගේ කිරිහාමි, කොහොල්ලෑ නරිහාමි මෙන්ම ජානකී සූරියආරච්චිගේ අහිංසක පඹරාල වැනි පොත් එයට යොදාගත හැකියි.
පරිකල්පනය වර්ධනය

hdqwalls.com
පරිකල්පනය යනු, සරලව කිවහොත් – සිතෙන් යමක් නිර්මාණාත්මකව මවා ගැනීමයි. මේ මැවීම මතක තබා ගැනීමට පහසු ක්‍රමයක් ලෙස යොදාගන්නා Mind Palace නමැති ක්‍රමවේදයට ද යොදා ගැනෙයි. ඇත්තට යමකට මුහුණ දීමට පෙර, තමා සිතින් මවාගත් ලෝකය තුළ එය ඇතිකොට, එයට මුහුණ දෙන්නේ කෙසේද යන්න විවිධ ආකාරවලින් බැලීමේ හැකියාව මේ සමග දරුවාට ලද හැකි වේ.
මෙය ගොඩ නැගීමට කුඩා අකුරු සහිත පොත් වුව කම් නැත. මඟුල් කෑම, හත්පණ වැනි පොත් ඔබ හඬ නගා කියවමින් දරුවාට මනසින් ඒ ලෝකය මවා ගන්නට ඉඩ හරින්න. පින්තූරයකින් දකිනවාට වඩා තමා කැමති ලෝකයක් මවා ගන්නට ඉඩදීම පරිකල්පනය වඩවයි. එය ඔබේ දරුවා හොඳ රචකයෙක්, සාහිත්‍යධරයෙක්, චිත්‍ර ශිල්පියෙක් හෝ ග්‍රැෆික් නිර්මාණකරුවකු බවට පත් කරනු ඇත.
දිනකට වචන කීපයක් පාඩම් කරවන්න

ctfassets.net
ගතකුරු, පණකුරු සහ ව්යංජනාක්ෂර අඩංගු වචන 5ක් පමණ දිනපතා දරුවාට හඳුන්වා දෙන්න. සෑම දරුවකුටම සුවිශේෂී හැකියා මට්ටමක් තිබේ. ඇතැම් දරුවන්ට 5කට වඩාත්, ඇතැමකුට ඊට අඩුවෙනුත් මතක තබා ගැනීමට හැකිවනු ඇත. දෙමව්පිය ඔබ එය ගැටළුවක් කර නොගන්න. දරුවාට බල කරමින් පීඩාවට පත් නොකරන්න. ඒ වෙනුවට, දරුවාගේ හැකියාව හඳුනාගෙන ඊට අනුව ඉගැනීවීමේ ක්‍රමය හැඩගස්වන්න.
දිනපතා වචන පාඩම් කරවීම, එහි අර්ථය සිතට ගැනීම, චිත්රයකින් එය ඇඳීම, අකුරු අමුණමින් වචනය කියවන්නට/ලියන්නට හැකියාව ලබා ගැනීමට දරුවා පොළඹවන්න. අංක ඉගැන්වීමේදී ජානකී සූරියආරච්චිගේ අපි ගණිමු කෘතිය භාවිතා කිරීම ඉතා පහසුය.
ඉතින් මේ ක්‍රම වලින් දරුවාට නව වචන, ඉලක්කම් හඳුන්වාදෙන විට ඉගෙනීම යනු වධයක් නොව, විනෝදයක් බව හඳුනාගනිමින් කාටූන්වල කවුරුන් හෝ ඇඳදුන් දෙයක් වෙනුවට පොතක අකුරු තුළින් තමාට කැමති ලෝකයක් සිතේ මවාගන්නට දරුවන් හුරු වේවි. ඔබේ දරුවා ඉක්මනින්ම බස හසුරුවන හොඳ දක්ෂයෙක් වේවි!